නිවාඩුවට හිරවුන පාර

නිවාඩුවට හිරවුන පාර

අද උදෑසන සිට කොළඹ සිට නුවර දෙසට ගමන් කරන මාර්ග වල රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව My newslanka අප වාර්තාකරු පවසනවා.

යක්කල ,නිට්ටඹුව,මීරිගම ,අඹේපුස්ස යන මාර්ග වල රථ වාහන තදබදය හට ගෙන ඇති බව අප වාර්තා කරු පවසන්නේ.

දීර්ඝ නිවාඩුව පැමිණීමත් සමඟ ජනතාව විනෝද වීම සඳහා කොළඹින් පිටට ගමන් කරන ආකාරය අප වාර්තා කරුට දැක ගැනීමට හැකිවී තිබෙනවා.

එම නිසා මෙම මාර්ග වල රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව අපට පෙනුණේ. ඇතැම් වාහන සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් ගමන් කරන අයුරු අපට දැක ගැනීමට හැකිවුණා.

අප වාර්තා කරු වැඩි දුරටත් පවසා සිටියේ විකල්ප මාර්ග භාවතා කිරීම වඩා සුදුසු බවයි.