දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (14) දහවල් හදිසියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මේ වනවිට අවසන් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමත් සමගයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (13) ක්‍රියාත්මක කළ සංඛේත වැඩවර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර ඔවුන් යළි එලෙස හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.

වර්ජනය අවසන් කළ ද දුම්රිය ධාවනය නැවත යතාවත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවත් චාමර මහතා වැඩිදුරටත් කීය.