දුක් විඳින ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා

දුක් විඳින ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල වී අදට දින 1000ක් සම්පුර්ණ වනවා.

ඒ වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කිරීමේ දේව මෙහෙයක් අද පෙරවරුවේ තේවත්ත ලංකා අප ස්වාමී දූ ජාතික බැසිලිකාවේදී පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ.

“පාස්කු ඉරුදින මිනීමැරුම සිදුවී අදට හරියටම දවස් 1000ක් සම්පූර්ණ වී තිබෙනවා. ඒ කියන්නේ ලොකු කාලයක් මනුෂ්‍යයෙකුට මේ තරම් කාලයක් තිස්සේ මේ විදියට දුක් දරන්න පුළුවන් ද කියන එක ඇත්තෙන්ම අපිට නොතේරුනාද ඒ අයගෙන් අපිට අහන්න පුළුවන්. මේ තරම් දුක් ඉවසා දරාගෙන ඉන්න මනුෂ්‍යයන්ට පුළුවන් වුනේ කොහොමද කියලා වෙලාවකට පුදුමත් හිතෙනවා.”

“මට කියන්න තියෙන්නේ දුක් විඳින ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත කියලා. අපේ ජනතාවට බොරු කරන්න හදන අයගේ බොරු එකින් එක හෙළිදරව් වෙමින් තියෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාදාමය තුළයි. ඒ නිසා මේ වෙනකොට ජනතාව දිනන ලකුණු අපි හැමෝටම පෙනෙන්න පටන් අරන් තියෙනවා. අපේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍යය යටගහන්න හැදුවත් ජනතාව දවසින් දවස බලවත් වී පාලකයින් දවසින් දවස අවුල් සහගත තත්ත්වයකට පත්වෙන බව පැහැදිලියි.”