කොළඹට පිටින් ඇවිත් ඉන්න අය ගැන හොයයි

කොළඹට පිටින් ඇවිත් ඉන්න අය ගැන හොයයි

පිට පළාත්වලින් කොළඹ නගරයට පැමිණ විවිධ කටයුතුවල නිරත වන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (14) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම, කොළඹ නරගය තුළ ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජවාරම මැඩලීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ නිවාස, ව්‍යාපාරික ස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ඉදිකිරීම් භූමි ආදි සියලුම ස්ථානවල සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු මෙහිදී ලබාගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.