හිටි හැටියේ කරපු දුම්රිය වර්ජනයෙන් ජනතාව අසරණ වෙයි

හිටි හැටියේ කරපු  දුම්රිය වර්ජනයෙන් ජනතාව අසරණ වෙයි

ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කරනු ලැබූ පැය 24ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වෙනවා.

සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම, රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නො කිරීම,ආසන වෙන් කළ දුම්රිය නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම සහ දුම්රිය ධාවන කාර්ය මණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.