විද්‍යා පීඨ ආරම්භ වන දිනය මෙන්න

විද්‍යා පීඨ ආරම්භ වන දිනය මෙන්න

අධ්‍යාපන විද්‍යා පීඨ ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යංශයේ ඊයේ(12) පැවති රැස්වීමකදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම දැනට පාසල්වල උසස් පෙළට තාක්ෂණවේදය හදාරන සිසුන්ට, එම විෂයයේ ගුරු පුහුණුව සඳහා ඇතුළත් වීමට නව විද්‍යා පීඨයක් ආරම්භ කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී තිබුණා.