බොරැල්ලේ දේවස්ථානයේ බෝම්බය තැබූව අවුරුදු 13ක දරුවා

බොරැල්ලේ දේවස්ථානයේ බෝම්බය තැබූව අවුරුදු 13ක දරුවා

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී පෙරේදා අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දී තිබෙනවා.

ඒ, ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන සැකකරු ඇතුළු තවත් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, එම ස්ථානයේ බෝම්බය තැබීමට වයස අවුරුදු 13 ක පිරිමි දරුවෙකු යොදාගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

පසුව එම දරුවා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී මහේස්ත්‍රාවරිය විසින් එම දරුවාගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන තිබෙනවා.

අධිකරණයෙන් ලබාගත් තීන්දුවක් මත මෙම අත්බෝම්බය ඊයේ (12) පොලිස් විශේෂ කාර්ය බලකාය නිෂ්ක්‍රීය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ ගිනි කූරු සහ හඳුන්කූරු වැනි ද්‍රව්‍ය ඔතා ගිනි ඇවිලීමකදී පුපුරණ ආකාරයට මෙම බෝම්බය සකස් කර ඇති බවට පරීක්ෂණවල දී අනාවරණ වූ බවයි.