කේ.සුජිවාගෙන් අලුත් වැඩක්

කේ.සුජිවාගෙන් අලුත් වැඩක්

“ඉඟි මරන තරු රෑන” ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය කේ.සුජිවා ගැන පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහ ඇති වුණා.

“සුන්දර ගීයකි ආදරේ” කියන මේ ගීතයේ විශේෂත්වය තමයි, ගීතයේ සංගීත සංයෝජනය කරලා තියෙන්නෙ, කේ. සූජිවාගේ පුංචි දියණිය රෝස්.

ඒ වගේම මේ ගීතය කේ. සුජිවාගේ “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් පස්සෙ, ඇගේ තනි නිර්මාණයක් විදිහට අවුරුදු 18කට පස්සෙ එළියට එන ගීතය. මේ වෙනකොට මේ ගීතය බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්ත අපූරූ ගීතයක් බවට පත් වෙලා.