ඉන්ධන නැතිව කැලණිතිස්ස නතර වෙයි – විදුලියත් කපයි

ඉන්ධන නැතිව කැලණිතිස්ස නතර වෙයි – විදුලියත් කපයි

ඉන්ධන නොමැති නිසා කැලණිතිස්ස බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

එම නිසා අද සිට දිවයිනපුරා ප්‍රදේශ ගණනාවක දිනකට පැය දෙක හමාරක විදුලිය කාන්දුවක් සිදු කරන බව ද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඉන්ධන නොමැති වුවහොත් ඉදිරියේදී තවත් බලාගාරවල ජනන කටයුතු නතර කිරීමට සිදුවනු ඇතැයි ද මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීයව පවතින ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.

එය යළි පද්ධතියට එක් කිරීම සඳහා තවත් දින 10 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ. අක්‍රීයව පවතින ජනන යන්ත්‍රයේ ධාරිතාවයද මෙගාවොට් 300 ක්.