ඉදිරියේදී වැලි හිඟයක් – එතකොට වැලිත් පිට රටින්

ඉදිරියේදී වැලි හිඟයක් – එතකොට වැලිත් පිට රටින්

තවත් වසර කිහිපයකින් රට තුළ වැලි හිඟයක් ද ඇතිවන බවත්, ඇතැම් විට වැලි ආනයනය කිරීමට පවා සිදුවිය හැකි බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

විශේෂයෙන්ම කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහාත් මුහුදු වැලි හෝ විදේශවලින් ගෙන්වාගත් වැලි භාවිතා කිරීමට සිදුවනු ඇතැයි කී ඇමතිවරයා ගංගාවලින් ලබාගන්නා වැලි වරාය නගරයට දීමේ වගකීම භාරගත නොහැකි බව ද සඳහන් කළේය.

කොළඹ වරාය නගරයේ සිදුකරන කටයුතු හැර 2025 වසර දක්වා රටේ ඉදිකෙරෙන සවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය වැලි ප්‍රමාණය ඝනමීටර මිලියන 57 ක් ලෙස ගණන් බලා ඇති බවත්, ඉන් සපයාගත හැක්කේ ඝනමීටර මිලියන 42ක් පමණක් බවත් කී ඇමතිවරයා ඉතිරි ඝනමීටර මිලියන 15ක හිඟය පියවන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කරමින් සිටින බව ද කීවේය.

ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.