රංගජීව නිදහස්, හිටපු බන්ධනාගාර කොමසාරිස්ට මරණ දඬුවම

රංගජීව නිදහස්, හිටපු බන්ධනාගාර කොමසාරිස්ට මරණ දඬුවම

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා හට මරණ දණ්ඩනය නියම කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදහස් කර තිබෙනවා.

මෙම නඩුවේ තීන්දුව මිට සුළු මොහොතකට පෙර කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කෙරුණා.

විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

මෙම නඩුව වසර 03 කට අධික කාලයක් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැණුනා.