සෞඛ්‍ය ඇමති හදිසියේම වාර්තාවක් ඉල්ලයි

සෞඛ්‍ය ඇමති හදිසියේම වාර්තාවක් ඉල්ලයි

ඉදිරි මාස හය සඳහා රටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් අද (12) ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මාස තුන බැගින් වන කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කරමින් මෙම වාර්තාව සකස් වියයුතු බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණියද ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදිය යුතු බවත් ඒ සඳහා රජය ප්‍රමුඛතාවයකින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙරටට ඖෂධ ආනයනය කරන රටවල්හි එම ඖෂධ පිළිබද තොරතුරුද, රට තුළ නිෂ්පාදනය කරන ඖෂධ සම්බන්ධයෙන්ද අදාළ තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාට මෙහිදී උපදෙස් ලබා දී ඇති බව සඳහන්.