මගේ කාලයේ ජනතාව මෙච්චර හිගමනේට දැම්මේ නෑ (වීඩියෝ )

මගේ කාලයේ ජනතාව මෙච්චර හිගමනේට දැම්මේ නෑ (වීඩියෝ )

මට තෑගි ටිකක් දෙන්න ඕනේ මම තනියම ආණ්ඩුවක් ගෙනිච්චාට මේවාගේ හිගමනේට වට්ටන් නැතිව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ, ඊයේ රත්නපුර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමින්.

ඊයේ පෙරේදා මම කරපු ප්‍රකාශ සම්බන්ධයෙන්, මට ලැබිච්ච ප්‍රතිචාර මොනවාද කියලා තමුන්නාන්සේලා දන්නවාද. ?මොකක්ද ඒ ප්‍රතිචාර. සමහර අය මට කිව්වා සර් ටොපේ ටොප් කථාව කියලා. සමහර අය කියනවා, සර් ටිකක් සැර වැඩියි කියලා කියනවා. ඒ අතරට ආණ්ඩුවේ සමහර කට්ටිය, කෝප වෙලත් තියෙනවා මේ ගැන මට පෙන්නේ. එක හින්දා ඔය නිකං චුට්ටෝ බට්ටෝ ගැට්ටෝ දාලා මට ගහන්න පටන් අරන් තියෙනවා.

තමුන්නාන්සේලාට මතක ඇති, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට මොන ගැහිල්ලක් ගැහුවාද කියලා. ගැහුවේ කවුද… යූ.එන්.පී.ය ගැහුවෙත් නැහැ, සමගි ජනබලවේගය ගැහුවෙත් නැහැ, ජේ.වී.පී. ගැහුවෙත් නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින්ට ගැහුවේ, පොහොට්ටුවේ ලොක්කෝ. පොහොට්ටුවේ මිනිස්සු.

උකුස්සා අහලා ඇති වහින වෙලාවට අනිත් කුරුල්ලෝ ඔක්කෝ එහේ මෙහේ තෙමෙනවාට එහේ මෙහේ යනවා. උකුස්සා මොකක්ද කරන්නේ. උගුස්සා කරන්නේ වලාකුළු උඩට පියාඹනවා. ගිහිල්ලා එහේ කැරකි කැරකි ඉන්නවා. එක නිසා උකුස්සා කිව්වාට අපිට කමක් නැහැ. අපිට ඒවා කියන අය උකුස්සා කියන එකා මොකාද කියලාවත් දන්නේ නැති අය. ඉතිං එක නිසා මේ අපි කියන දේවල්වලට ආණ්ඩුවේ කවුරුවත් කෝප වෙන්න උවමනාවක් නැහැ. ආණ්ඩුපක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා, විපක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ නායකයා. ඔක්කෝම ගහනවා මට ආණ්ඩුපක්ෂයත් ගහනවා, විපක්ෂයත් ගහනවා පාර්ලිමේන්තුවේ, අගමැතිත් ගහනවා, ඇමතිවරුත් ගහනවා. මට බනින එක නෙවෙයි මට සල්ලි දෙන්න ඕනේ තමුන්නාන්සේලා එකතු කරලා… තෑගි ටිකක් දෙන්න ඕනේ මම තනියම ආණ්ඩුවක් ගෙනිච්චාට මේවාගේ හිගමනට වැටෙන්නේ නැතිව. මෙහෙම කන්න නැතිව… මෙහෙම ගෑස් ප්‍රශ්ණයි, තෙල් ප්‍රශ්ණයි, මොනවාද පොහොර ප්‍රශ්ණයි, මේවා රටේ මිනිස්සු හදපු ප්‍රශ්ණ නෙවෙයිනේ. මේවා ඔක්කෝම ආණ්ඩුව හදා ගත්ත ප්‍රශ්ණ. ඉතිං ඒවා ගැන අපි කථා කරනකොට කෝප වෙනවා.