පුද්ගලයකුගේ හිසක් දේව ප්‍රතිමාවක් ලඟ

පුද්ගලයකුගේ හිසක් දේව ප්‍රතිමාවක් ලඟ

පාර අයිනේ පිහිටි පූජනීය ස්ථානයක පිළිමයක් පාමුල තිබී මිනිසෙකුගේ කපා දැමූ හිසක් සොයා ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයෙන් (10) දිනයේ මෙම මිනිස් හිස සොයා ගෙන තිබේ.

එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට සහ මෙම අපරාධයට මුල් වූන හේතුව සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් අටක් යොදවා තිබෙන බව එරට පොලිසිය සඳහන් කර තිබේ.

වයස අවුරුදු 30 ක් පමණ වන මෙම පුද්ගලයා වෙනත් ස්ථානයක ඝාතනය කර ඔහුගේ හිස එම ස්ථානයට ගෙනවිත් පිළිමය පාමුල තබා ඇති බවට සැක කරන බව පරීක්ෂණ පවත්වන එරට නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයා පවසා තිබෙන බව වාර්තා වේ.

https://bit.ly/3GlxC4g