කොළඹ වරාය නැ’හිර පර්යන්තයේ ඉදිකිරීම් අද ඇරඹෙයි

කොළඹ වරාය නැ’හිර පර්යන්තයේ ඉදිකිරීම් අද ඇරඹෙයි

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ පැවැත්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරු 10.30 ට යෙදී තිබෙන සුබ මොහොතේදී සමරු ඵලකය නිරාවරණය කර ඉදිකිරීම් ආරම්භ කරන බව වරාය අධිකාරිය පවසයි.

මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යන මහත්රු ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.

ඩොලර් මිලියන 900 ක් වැය කරන ඉදිකරන හෙක්ටයාර් 75 ක පමණ විහිදෙන නැගෙනහිර පර්යන්තය මීටර 1,320 කින් යුක්ත බවත් එහි ඉදිකිරීම් 2024 වසරේ ජූලි මස 4 වැනිදා අවසන් කිරීමට නියමිත බවත් වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා පැවසීය.

එහි පළමු අදියර මීටර 600 ඉදිකිරීම් ලබන වසරේ ජූලි මස 4 වැනිදා අවසන් කර එස්.ටී.එස්. දොඹකර හයක් සහ ආර්.එම්.ජී. දොඹකර 20 ක් ස්ථාපිත කිරීමට නියමිත බව කී සභාපතිවරයා දෙවැනි අදියර 2024 ජනවාරි මස 4 වැනිදා වන විට අවසන් කර එස්.ටී.එස්. දොඹකර තුනක් සහ තවත් ආර්.එම්.ජී. දොඹකර 20 ක් සමගින් දෙඹකර 12 ක් ආර්.එම්.ජී. දොඹකර 40 ක් සහිත අංග සම්පුර්ණ පර්යන්තයක් බවට පත්කරන බව ද සඳහන් කළේය.