කුලී පදනම මත ජීවත්වන “පවුල් සඳහා” ස්ථිර නිවාස

කුලී පදනම මත ජීවත්වන “පවුල් සඳහා” ස්ථිර නිවාස

කුලී පදනම මත ජීවත්වන නිවසක් ඉදිකිරීමට ඉඩම් නොමැති පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රුපියල් 500000ක මූලික මුදලක් ගෙවීමට නිවාසලාභීන්ට සිදුවන අතර නිවසේ වටිනාකමින් ඉතිරි කොටස වර්ෂයක් තුළ වාරික වශයෙන් අය කිරීමට නියමිතයි.

අවශ්‍ය අයට බැංකු මගින් ණයක් ලබාදීමට ද එහිදී යෝජනා කර තිබෙනවා.

රන්පොකුණගම ප්‍රදේශයේ ඉඩමක පළමු අදියරේ නිවාස ඒකක 72ක් ඉදිකිරිමට නියමිතයි.