අද විදුලිය කපන් නෑ

අද විදුලිය කපන් නෑ

අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සදහන් කළේ සෝජිස්ට් කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

ඒ අනුව අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සදහන් කරයි.