අද පැයක් විදුලිය කපයි

අද පැයක් විදුලිය කපයි

කලාප ලෙස වෙන් කොට පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා පැවසුවේ අද පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි.

කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය පැවසීය.