වීර මීයා මිය යයි

වීර මීයා මිය යයි

බිම්බෝම්බ ඇති ස්ථාන හදුනා ගැනීමට යොදාගත් මගාවා නමැති මීයා, මියගිය බව කාම්බෝජය නිවේදනය කරනවා.

බිම්බෝම්බ වළලා තිබූ ස්ථාන සියයකට වැඩි සංඛ්‍යාවක් හදුනා ගැනීමත් සමග මෙම මගාවා නමැති මීයා ජීවිත රැසක් බේරා ගැනීමට සමත් වුණා.

ටැන්සානියාවේ දී උපත ලද මෙම මීයා බිම්බෝම්බ වළලා ඇති ස්ථාන හදුනා ගැනීමට රාජ්‍ය නොවන සංවිධානයක් පුහුණුකර තිබෙනවා. 2016 වසරේ දීයි මෙම සත්ත්වයා බිම්බෝම්බ හදුනා ගැනීමේ කටයුතු සදහා කාම්බෝජයට ලබාදී ඇත්තේ.

කාම්බෝජයේ වීරයෙකු ලෙස සැළකෙන මගාවා මියයනවිට වයස අවුරුදු 8 ක්. මගාවාගේ සේවය අගයමින් සම්මාන රැසක් ද පිරිනැමුණා.

https://bbc.in/3tlIqvU

COMMENTS