OIC ගේ මිතුරා බීමත්ව අධිවේගයේ යන්න අවසර ඉල්ලූ හැටි ( වීඩියෝ )

OIC ගේ මිතුරා බීමත්ව අධිවේගයේ යන්න අවසර ඉල්ලූ හැටි ( වීඩියෝ )

බීමතින් මෝටර් රථයක් පැදවූ පුද්ගලයෙකුට ගාල්ල ඉමදූව ප්‍රදේශයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට අධීවේගී මාර්ග කොට්ඨාසයේ ඉමදූව ස්ථානාධිපතිවරයා විසින් අවසර ලබාදී තිබේ.

පසුගිය දිනෙක රාත්‍රියේ අධීවේගී මාර්ගයට ඇතුළුවීමට ගිය මෝටර් රථය පොලිස් නිලධාරියෙකු විසින් නවතා පරීක්ෂාවට ලක් කර තිබේ.

එම අවස්ථාවේදී අදාළ රථයේ රියැදුරු බීමතින් සිට ඇති අතර, ඔහු පවසා ඇත්තේ තමන් අධීවේගී මාර්ග කොට්ඨාසයේ ඉමදූව ස්ථානාධිපතිවරයා සමග සාදයක් පවත්වා නිවස බලා සිටින බවයි.

අනතුරුව රියදුරා විසින් අධීවේගී මාර්ග කොට්ඨාසයේ ඉමදූව ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී තමන්ව පොලීස් නිලධාරියෙකු විසින් පරීක්ෂාවට ලක් කරන බව පවසා ඇත.

ඉන් පසුව ඇමතුමේ රැදී සිටි ස්ථානාධිපතිවරයා රියදුරු පරීක්ෂාවට ලක් කළ කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී රියදුරාව නිදහස් කරන ලෙසට අණකර තිබේ.

මෙම සිදුවීම සම්පූර්ණයෙන් සිද්ධියට මුහුණ දුන් පොලිස් කොස්තාපල්වරයා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබේ.

එම වීඩියෝව පහතින්….