සනත් ජයසූරිය ප්‍රිම්යර් ලීග් ශූරතාව “මාස්ටර් බ්ලාස්ටර්” කණ්ඩායමට (ඡායාරූප)

සනත් ජයසූරිය ප්‍රිම්යර් ලීග් ශූරතාව “මාස්ටර් බ්ලාස්ටර්” කණ්ඩායමට  (ඡායාරූප)

සනත් ජයසූරිය ප්‍රිම්යර් ලීග් තරගාවලිය පසුගිය දා නිමා වුණේ ‘මාස්ටර් බ්ලාස්ටර්’ කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්.

එම තරගාවලියේ පළඟ ශූරතාව Colombo Cubs කණ්ඩායම විසින් හිමිකර ගත්තා.

ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩක සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරඟයේ දී තරඟාවලියේ වීරයා බවට පත්වීමට Colombo Cubs කණ්ඩායමේ සන්තුල් විජයරත්න සමත් වුණා.

සන්තුල් සමස්ත තරගාවලියේ දී ලකුණු 286ක් රැස්කරගෙන කඩුලු 14ක් ද දවා ගත්තා.

ඊට අමතරව ඔහු රැකගත් උඩ පන්දු සංඛ්‍යාව 06ක්.

තරගාවලියේ පළමු වටයේ දී මුහුණ දුන් තරඟ 08න් 06ක ජයග්‍රහණ වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණේ Colombo Cubs කණ්ඩායමයි.

එම කණ්ඩායමේ නායකත්වය දරණු ලැබුවේ ද කොළඹ නාලන්දා විද්‍යාලයේ සන්තුල් විජයරත්න විසින්.

මාස්ටර් බ්ලාස්ටර් SJPL තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස Universal Kings කණ්ඩායමේ රෙහාන් පීරිස් ද දක්ෂතම පන්දු යවන්නා ලෙස කණ්ඩායමේ සදෙව් විජේසේකර ද සම්මාන ලැබුවා.