ලොවක් ආදරය කරන ලතා මංගෙෂ්කාර්ට කොවිඩ්

ලොවක් ආදරය කරන ලතා මංගෙෂ්කාර්ට කොවිඩ්

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර්ට කොවිඩ් ආසාදනය වී තිබේ.

මේ වන විට ඇය මුම්බාහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

1929 සැප්තැම්බර් 28 වැනිදා උපන් ලතා මංගේෂ්කාර් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකට අමතරව ප්‍රංශයේ ඉහළම සිවිල් සම්මානය වන ඔෆිසර් ඔෆ් ද ලෙජියන් ඔෆ් ඔනර් සම්මානයෙන් පිදුම් ලැබුවා.

1974 දී ගිනස් වාර්තා පොත ඇය ඉතිහාසයේ වැඩිම වාර්තාගත කලාකාරිනිය ලෙස නම් කරනු ලැබුවා

එමෙන්ම ඇය 1948 සිට 1974 දක්වා කාලය තුළ ගීත 25,000 කට වඩා ගායනා කර ඇති බව වාර්තා වනවා

ඇය 2001 වසරේ ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.

https://bit.ly/33jZMhy