රොස් ටේලර් ටෙස්ට් පිටියට බායි කියයි

රොස් ටේලර් ටෙස්ට් පිටියට බායි කියයි

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් වූ රොස් ටේලර් අද (11) ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

ඒ නවසීලන්ත – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේදී ය.

එම තරගයෙන් ඉනිමක සහ ලකුණු 117ක ජයක් ලැබීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

එහිදී විශේෂත්වය වූයේ, බංග්ලාදේශ කණ්ඩායමේ අවසාන කඩුල්ල හිමිකර ගැනීමට රොස් ටේලර් සමත් වීමය.

එය ඔහුගේ තෙවැනි ටෙස්ට් කඩුල්ල විය.

2007 වසරේදී ටෙස්ට් පිටියට පිවිසි ටේලර්, ටෙස්ට් තරග 112කදී ලකුණු 7,683ක් රැස්කර තිබේ.

ඊට ශතක 19ක් සහ අර්ධ ශතක 35ක් අයත් විය.

https://bit.ly/3nfFzRk