මහරගම දැරියක් ආගිය අතක් නෑ

මහරගම දැරියක් ආගිය අතක් නෑ

දින පහක සිට ආගිය අතක් නොමැති මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක ගැහැනු දරුවකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

මෙම දැරිය පසුගිය 07 වන දා සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳ මෙතෙක් සිදුකරන ලද විමර්ශන වල දී අතුරුදන් වූ ගැහැණු ළමයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට හැකිවී නොමැති බවයි වාර්තා වන්නේ.

දැරිය පිළිබඳ යම්කිසි තොරතුරක් වෙතොත් මහරගම පොලිස් ස්ථානාධිපති 071 859 1645 අංකයට හෝ මහරගම පොලිස් ස්ථානය 0112 850222 හෝ 0112 850 700 අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙනවා.