ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම එළියට දායි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම එළියට දායි

ත්‍රිකුණාමලට තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ජනතාවට පරිශීලනය කිරීම සඳහා මේ වන විට වෙබ් අඩවි කිහිපයකට ඇතුළත් කර ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

සිව් පාර්ශවීය ගිවිසුමක් වන මෙයට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී ඉකුත් 6 වැනිදා සිදුවිය.

ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ටි්‍රන්කො පෙට්‍රොලියම් ටර්මිනල් සමාගම මෙම ගිවිසුමට අත්සන් තැබූ පාර්ශවයන් වේ.

බලශක්ති අමාත්‍යවරයාගේ වෙබ් අඩවිය වන www.udayagammanpila.com බලශක්ති අමාත්‍යාංශ වෙබ් අඩවිය වන www.energymin.gov.lk සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෙබ් අඩවිය වන www.ceypetco.gov.lk ඔස්සේ මෙම ගිවිසුම පරිශීලනය කළ හැකි අතර එම ගිවිසුම ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට නියමිතය.