ඌරෙකුගේ හදවතක් ලොව පළමු වරට මිනිසෙකුට

ඌරෙකුගේ හදවතක් ලොව පළමු වරට මිනිසෙකුට

ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට සාර්ථක ලෙස බද්ධ කිරීමේ සැත්කමක් සිදු කරන ලදැයි ඇමරිකාවෙන් වාර්තාවෙයි.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සිදු කළ මෙම සැත්කම උග්‍ර හදවත් රෝගියෙකුගේ ජීවිතය බේරාගැනීමේ අවසාන ප්‍රයත්නයේදී අත්හදා බැලීමක් ලෙස සිදු කර තිබුණි.

මේරිලන්ඩ් රෝහල සඳුදා ප්‍රකාශ කළේ පර්යේෂණාත්මක සැත්කමෙන් දින තුනකට පසු ඔහු හොඳින් සිටින බවයි.
ශල්‍යකර්මය සැබවින්ම ක්‍රියාත්මක වේ දැයි දැන ගැනීමට ඉක්මන් වැඩි නමුත්, එය සත්ව අවයව මිනිසෙකුට භාවිතා කිරීම ගැන දශක ගණනාවක් තිස්සේ කරන ලද ගවේෂණයේ සුවිශේෂ පියවරක් සනිටුහන් කරයි.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරු පවසන්නේ ජානමය වශයෙන් වෙනස් කරන ලද සතෙකුගේ හදවතක් ක්ෂණිකව ප්‍රතික්ෂේප කිරීමකින් තොරව මිනිස් සිරුර තුළ ක්‍රියා කළ හැකි බව බද්ධ කිරීමෙන් පෙන්නුම් කළ බවයි.

https://bbc.in/33frA6J