ඉදිරි දින 10ක් විදුලිය කපනවා

ඉදිරි දින 10ක් විදුලිය කපනවා

ඉදිරි දින 10ක කාලය තුළ,යම් අවස්ථාවලදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දැනට පවතින නොරච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී ඇති බවත්, එය යථාවත් කිරීමට තවත් දින 9ත් 10ත් අතර කාලයක් ගත වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම දැනට සපුගස්කන්ද බලාගාරයට අවශ්‍ය දැවී තෙල් යම් ප්‍රමාණයක් රට සතුව පවතින බවත්, ඉදරි දින 5ක කාලය තුළ මෙම ගැටලුව සමනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සියලු බලධාරීන් කැඳවා ජනාධිපතිවරයා ඊයේ (10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා කියා සිටියා.