27ක් රෝහල් ගත කල බස්, ටිපර් අනතුර

27ක් රෝහල් ගත කල බස්, ටිපර් අනතුර

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ පට්ටිතිඩාල් ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අද (10) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මුතූර් රෝහලට ඇතුළත් කළ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ත්‍රිකුණාමලය සිට අම්පාර බලා ධාවනය වූ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.