බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව ජනාවට ඇත්ත කියන්න ඕනේ

බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව ජනාවට ඇත්ත කියන්න ඕනේ

මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව සති අන්ත පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම් වෙනත් වියදමක් කපා හැරෙන්නේද නැතිනම් සහන දෙන්න සිදු වන්නේ මුදල් අච්චු ගැසීමෙන් බව අවධාරණය කරයි.

අද වන විට මේ රටේ ජනතාව දැවැන්ත උද්ධමනයකට මුහුණ දෙමින් සිටින බව පවසන ඒ මහතා එයින්ද වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ අඩු ආදායම්ලාභීන් බවත් පවසයි.

බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව ඇත්ත ඇති සැටියෙන් ජනතාවට කිව යුතු බවත් ඒ ආකාරයට ජන මනස හදන විට ජනතාව තත්ත්වය අවබෝධ කොටගෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් වනු ඇති බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා ඒ ආකාරයෙන් ජනමනස හදන්නට ආණ්ඩුව අසමත් වී ඇතැයි පවසයි.