බීජ නිෂ්පාදනයේ තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ

බීජ නිෂ්පාදනයේ තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ

මෙරටට අවශ්‍ය බීජ අවශ්‍යතාව හා මෙරටේ බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ කළ සංචාරයකදී අනාවරණය විය.

මෙරටේ වගා කරන බෝග අනුව වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය, ඒ අවශ්‍යතාව සඳහා මෙරටේ නිෂ්පාදනය කරන බීජ ප්‍රමාණය හා වාර්ෂිකව ආනයනය කරන බීජ ප්‍රමාණය හා වර්ගය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගෙන සම්පූර්ණ වාර්තාවක් තමන්ට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය. මෙරට තුළ කවුරුන් බීජ නිෂ්පාදනය කළත් කවුරුන් බීජ ආනයනය කළත් ඒ සියලු තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය