අලුත් ගෑස් සිලින්ඩරෙන් කාන්දු වුන ගෑස් (ඡායාරූප)

අලුත් ගෑස් සිලින්ඩරෙන් කාන්දු වුන ගෑස් (ඡායාරූප)

බණ්ඩාරගම උඳුගොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයකින් ශබ්දයක් සමඟ ගෑස් පිටතට කාන්දුවීමක් පිළිබඳව අද(10) වාර්තා වී තිබෙනවා.

බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ ගෑස් අලෙවි සැලකින් රැගෙන එන ලද නව සංයුතිය අඩංගු බව කියන රතු ලේබලය සහිත ගෑස් සිලින්ඩරයකින් මෙලෙස ගෑස් පිටතට කාන්දු වන අයුරු දැකගත හැකිවූ බවයි පැවසෙන්නේ

මීට දින දහයකට පමණ පෙර දී මිලදීගෙන තිබූ මෙම ගෑස් සිලින්ඩරය අද(10) පෙරවරුවේ භාවිතා කිරීම සඳහා සිලින්ඩරයේ රෙගුලේටරයට සවි කිරීමත් සමගම ගෑස් පිටතට කාන්දු වී ශබ්දයක් නිකුත් වී තිබෙන බවයි සඳහන් වන්නේ.

පසුව නිවැසියන් නිවසේ විදුලිය විසන්ධි කර රෙගුලේටරයේ සම්බන්ධතාවය ඉවත්කර සිලින්ඩරය නිවසින් පිටතට දැමීමට කටයුතු කර තිබෙනවා.