අපි අලුත් ආණ්ඩුවක් හදනවා-මෛත්‍රීපාල ( වීඩියෝ )

අපි අලුත් ආණ්ඩුවක් හදනවා-මෛත්‍රීපාල                                   ( වීඩියෝ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන පිරිස් සමඟ ඉදිරියේදී නව ආණ්ඩුවක් ඉදිරියේදී ගොඩ නගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, නිදහස් පක්ෂ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාව අද (10) දින එක්වෙමින්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍යට දැක්වූ අදහස්

“මැතිවරණය කල්දානවට අපි විරුද්ධයි. අපිට ඕන මැතිවරණ. අපි ඉදිරි මාස කිහිපය තුළ ප්‍රබලම, ශක්තිමත්ම දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගනවා. පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා රටට ඒ ජාතික වැඩපිළිවෙලට එකතුවෙමු කියලා. ඒ වැඩපිළිවෙලට එකතු වෙන්නේ කවුද ඒ අයත් එක්ක ආණ්ඩුවක් අනාගතයේ හදනවාබොහෝවිට අලුත් එකක් තමයි හදන්න වෙන්නේ. පරණ ඒවා එක්ස්පයර් නේ.”