STF ඉතිහාසය අලුත් කරපු කාන්තාව

STF ඉතිහාසය අලුත් කරපු කාන්තාව

පොලිස් විශේෂ කාර්යය බලකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටි.එන්.කුමාරි මහත්මිය උසස්වීම් ලබා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා පවසයි.

ඇය සමඟ තවත් නිලධාරීන් 8 දෙනකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලද සෙසු පිරිස අතර ඩි.එස්.කුලසේකර, ඒ.පි. සම්පත් කුමාර, එස්.ටි.පෙරේරා,ඩි.එස්.සිල්වා,කේ.ජි නිශාන්ත,ඒ එම් දයාරත්න,ඒ.පි.කුලරත්න,කේ.ඩි.ගුණරත්න යන නිලධාරීන්ය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 52 ක් හා කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනකු සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත්ව සියලු දක්ෂතා දක්වා තිබූ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය ඇතුළු නව දෙනකුට මෙම උසස්වීම් ප්‍රධානය කෙරිණි.