ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට BPL දොරටු වැසෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට BPL දොරටු වැසෙයි

ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිම්යර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අහිමි වී යනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බංග්ලාදේශ ප්‍රිම්යර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විරෝධය පළ නොකිරීමේ සහතික නිකුත් නොකිරීමට තීරණය කිරීමත් සමඟයි.

මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනෙකු තෝරාගෙන තිබුණා.

එහි දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඉහළ ලංසුවකට මිලදී ගැනීමට ෆෝචූන් බැරිෂාල් කණ්ඩායම කටයුතු කළා.

කෙසේ වෙතත් මෙම තීරණයත් සමඟ ඔහු වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ එම කණ්ඩායමට එක්කර ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවට වෙනත් විදෙස් ක්‍රීඩකයින් කෙරෙහි මේ වනවිට අවදානය යොමු කරන්නට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කරමින් පවතිනවා.

ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්‍රසන්න, ඉසුරු උදාන යන ක්‍රීඩකයින් මෙවර තරගාවලිය වෙනුවෙන් තෝරාගෙන තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ (08) නිවේදනය කළේ ජාතික කණ්ඩායමේ විශ්‍රාම ගන්නා ක්‍රීඩකයන්ට විදේශ ලීග තරගාවලි සඳහා සහභාගිවීමට නම් මාස 06ක කාලයක් ගතවිය යුතු බවයි.

මෙම තීරණය පසුගිය 07 වනදා රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගෙන තිබූ අතර මෙම තීරණය සහ තවත් විශේෂ තීරණ කිහිපයකට එහිදී එළඹ තිබුණා.

https://bit.ly/3qTKXKM