ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ඔහුට එලැඹෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලිය අහිමි වනු ඇති .අවිශ්ක ප්‍රනාන්දු මෙලෙස කොවිඩ් ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇත්තේ ඔහු කණ්ඩායමේ ජෛව බුබුලට පිවිසීමට පෙර සිදුකළ පරීක්‍ෂාවේදීයි.

මේ අනුව සිම්බාබ්වේ සංචාරය ආරම්භ වීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වන දෙවන ප්‍රභල ක්‍රීඩකයා වන්නේ අවිශ්ක ප්‍රනාන්දුයි.

මීට පෙර තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයකට ලක්වීම හේතුවෙන් සිම්බාබ්වේ තරගාවලියට එක් නොවන බව ප්‍රකාශ කෙරුණා.

මේ අතර මේ වන විට දසුන් ශානක තමන් ලක්ව සිටි ආබාධයෙන් සුවය ලබා ඇති අතර ජනවාරි 16 වැනිදා පල්ලෙකැලේ දී ආරම්භ වන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවනු ඇති.

අවිශ්ක ප්‍රනාන්දුගේ හිස්තැනට කුසල් මෙන්ඩිස් නැවත සංචිතයට කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ කුසල් මෙන්ඩිස් ට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කිරීමෙන් පසු කුසල් මෙන්ඩිස් අද පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක් වූ අතර ඔහු එය සමත් වී තිබෙනවා.