දිය ඇල්ල බලන්න ගහින් මුහුණ දුන් භයානක අනතුර (වීඩියෝ)

දිය ඇල්ල බලන්න ගහින් මුහුණ දුන් භයානක අනතුර (වීඩියෝ)

දිය ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් රැගත් මෝටර් බෝට්ටු දෙකක් මතට ඊට ඉහළින් තිබු පාෂාණ තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සුප්‍රකට දිය ඇල්ලක් වන ෆර්නාස් දිය ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

මෙම අනතුරින් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින්ගේ අස්ථි බිඳී ගොස් ඇති අතර එක් අයෙකු හිසට සහ මුහුණට තුවාල ලබා රෝහල්ගතව බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

තවත් 23 දෙනෙකුට සුළු තුවාල සඳහා ප්‍රතිකාර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

https://bit.ly/3GhgDQU