ශ්‍රී ලංකාව සමඟ ගේමට එන සිම්බාබ්වේ කණ්ඩායම

ශ්‍රී ලංකාව සමඟ ගේමට එන සිම්බාබ්වේ කණ්ඩායම

ශ්‍රී ලංකාව සමඟ ආරම්භවීමට නියමිත තරග 03කින් සමන්විත එක්දින තරගාවලියට එක්වන සිම්බාබ්වේ සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සමන්විත මෙම සංචිතයේ නායකත්ව වගකීම අර්වින් ක්‍රේග්ට පවරා ඇති අතර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අදාලවයි.

තරග 03කින් සමන්විත මෙම තරගාවලිය ජනවාරි 16, 18 සහ 21 යන දිනවල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරග ලෙසයි පැවැත්වෙන්නේ.

තරගාවලියට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම අද (08) ශ්‍රී ලංකාව බලා එරටින් පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ

සිම්බාබ්වේ සංචිතය පහතින්..

අර්වින් ක්‍රේග් (නායක), බර්ල් රයන්, චකබ්වා රේජස්, චත්‍රා ටෙන්ඩායි, ජොන්ග්වේ ලුක්, කයිටානෝ ටකට්ස්වනේෂ්, මැඩන්ඩේ ක්ලයිව්, මැදවේර් වෙස්ලි, මසකඩ්සා වෙලින්ටන්, මෙටෝම්බොට්සි ටිනෝටෙන්ඩා, මුසරබානි බ්ලෙසින්, නග්රාව රිචඩ්, ශිකන්ධර් රාසා, ෂුම්බා මිල්ටන්, ෂෝන් විලියම්ස්