වවුල්ලෝ, බකමුණෝ විතරක් ඇහැරන් ඉද්දී ගහන ගිවිසුම්

වවුල්ලෝ, බකමුණෝ විතරක් ඇහැරන් ඉද්දී ගහන ගිවිසුම්

වවුල්ලෝ, බකමුණෝ විතරක් ඇහැරන් ඉද්දී ගිවිසුම් අත්සන් කිරීම පුරුද්දකට ගිහින්

රටට බලපාන වැදගත් ගිවිසුම් හොර රහසේ අත්සන් කරන තත්ත්වයට රට පත්ව ඇතැයි පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.ලංකාවේ මිනිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ගැටගැසී ඇති සියළුම ගිවිසුම් මහ රෑ වවුල්ලු සහ බකමූණෝ අවදිවී සිටින වේලාවල් වල අත්සන් තබන බවයි.එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ

මේ ආකාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම මහජනතාවට කැබිනට් මණ්ඩලයට නොදන්වා සිදු කරන බවද ජයගොඩ මහතා ඊයේ (07 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

‘‘ආණ්ඩුව කඩිමුඩියේ ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියානු අයි. ඕ.සී. සමාගමට ලබාදීමට කඩිමුඩියේ ගිවිසුම් අත්සන් කළා. මෙයත් හරියට ඇමරිකානු සමාගමකට එල්.එන්.ජී. ඒකාධිකාරිය ලබාදීමට ගිවිසුම් අත්සන් කළ ආකාරයට සිදුකර තිබෙනවා.

ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමට අත්සන් කළ ගිවිසුම 2035 දී අවසන් වනවා. ඒ සඳහා තව අවුරුදු 13 යි තියෙන්නේ. දැන් නව ගිවිසුම මගින් තව අවුරුදු 50 කට තෙල් ටැංකිවල අයිතිය ලබා දෙනවා. මීට පෙර ගිවිසුම මගින් යම් මත භේදයක් ඇතිවුවහොත් අපේ රටේ නීතියට අනුව විසඳා ගත යුතු වුවත් නව ගිවිසුමට අනුව සිංගප්පූරුවට ගොස් එය විසඳා ගන්න වෙනවා.