රන් සංචිතය පහළට – මහ බැංකුව රන් විකුණයි

රන් සංචිතය පහළට – මහ බැංකුව රන් විකුණයි

ශ්‍රී ලංකා මහ බැංකුව එහි රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල විණි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු මහ බැංකු දත්තවලට අනුව මෙසේය.

මෙරට විදේශ සංචිතය දෙසැම්බර් මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් මිලියන 3,137.6 හය දක්වා වර්ධනය වී තිබෙනවා. නොවැම්බරය අවසානයේ එය සටහන් වූයේ ඩොලර් මිලියන 1,588.4 ලෙසයි.

මෙලෙස විදේශ සංචිතය ඉහළ යාමට චීන මහජන බැංකුව මගින් ස්වැප් හෙවත් විනිමය හුවමාරු ක්‍රමය ලබාදුන් ඩොලර් බිලියන 1.5ක් පමණ වූ මූල්‍යාධාරය ද ඉවහල් වී ඇති බව සඳහන්.

එමෙන්ම නොවැම්බර් මාසය අවසානයේ ඩොලර් මිලියන 382.2ක් ලෙස පැවති මෙරට රන් සංචිතය දෙසැම්බර් මාසය අවසානයේ ඩොලර් මිලියන 175.4ක වටිනාකමක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 206.8ක් වටිනා රත්‍රං මහ බැංකුව විසින් අලෙවි කර ඇති අතර, රන් සංචිතය 54%කින් පහත වැටී ඇති බවයි මහ බැංකුවේ නවතම දත්ත මඟින් අනාවරණ වන්නේ.