ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු දිවි රඟමඩලට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු දිවි රඟමඩලට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට 84 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලැබුවා.

සිංහල සිනමාවේ අසහාය සටන් නළුවකු ලෙස සැලකෙන රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට පදිංචිව සිටියේ, මහරගම වත්තේගෙදර මාවතේ නිවසේ යි.

ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇති.