නායකයා එළියට දාන්න, ගාම්භීර් ගෙනා යෝජනාව

නායකයා එළියට දාන්න, ගාම්භීර් ගෙනා යෝජනාව

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙපිළම තරග එක බැගින් ජයගෙන මේ වන විට සම තත්ත්වයේ පසුවනවා.

ඒ, අනුව ලබන 11 වනදා කේප්ටවුන් හිදී ආරම්භවන තුන්වන තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වනු ඇති.

මේ අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ වැඩි ගෞරව ඉන්දියාව දෙසට හරවා ගැනීමට සිදුකළ යුතු එක් වෙනසක් ගැන ඉන්දීය කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් වන ගෞතම් ගාම්භීර් යෝජනා කරනවා.

ඔහු පවසන්නේ දෙවන තරගයේ දී විරාට් කෝලි වෙනුවට කණ්ඩායමට කැඳවූ හනුමා විහාරි තුන්වන තරගයේදීත් ක්‍රීඩාකරවිය යුතු බවයි.

පිට කොන්දේ ඇති වූ අබාධයක් හේතුවෙන් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක විරාට් කෝලිට දෙවන තරගය සඳහා එක්වීමට අවස්ථාව ලැබුනේ නැහැ.

ඒ අනුව විරාට් කොලිගේ අඩුව පිරවීමට ජාත්‍යන්තර ටෙස්ට් තරග 12ක පමණක් අත්දැකීම් ලබා තිබූ දකුණත් පිතිකරු හනුමා විහාරි කණ්ඩායමට කැදවනු ලැබුවා.

එම කැඳවීමේ දී ඔහු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 20ක් සහ දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 40ක් රැස් කළා.

කෙසේ වෙතත් තුන්වන තරගයේ දී විරාට් කෝලි කණ්ඩායමට එක්වීමට අපේක්ෂාවෙන් සිටීම හේතුවෙන් හනුමා විහාරිට කණ්ඩායමේ ඉවත් වීමට සිදුවනවා.

කෙසේ වෙතත් ගෞතම් ගාම්භීර් පවසන්නේ හනුමා විහාරි කණ්ඩායමේ රඳවා ගැනීමට, දෙවන ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ අජින්ක්‍යා රෙහානි තුන්වන තරගයේ දී කණ්ඩායමෙන් ඉවත් කළ යුතු බවයි.

https://bit.ly/31B6Eqf