දවසින් දවස ඉහළ පහළ යන කොවිඩ් මරණ

දවසින් දවස ඉහළ පහළ යන කොවිඩ් මරණ

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,112 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 11 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර එක් අයකු සහ වයස අවුරුදු 30 ට අඩු අයෙක් ද ඒ අතර වෙනවා.

එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම නිවේදනයේ සදහන් වෙනවා