කොන්ක්‍රීට් මිශ්‍ර ට්‍රක් රථයක් වෙළෙඳසැලකට කඩා වදීයි

කොන්ක්‍රීට් මිශ්‍ර ට්‍රක් රථයක් වෙළෙඳසැලකට කඩා වදීයි

කොට්ටාව – අතුරුගිරිය මාර්ගයේ මෙන්ඩිස් වංගුව ප්‍රදේශයේ දී කොන්ක්‍රීට් මිශ්‍රණ ට්‍රක් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

වේගයත් සමඟ රියදුරාට රථය පාලනයකර ගැනීමට නොහැකිව ඊයේ (07) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොන්ක්‍රීට් මිශ්‍රණ ට්‍රක් රථයේ වේගය පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගයේ අසල නවතා තිබූ මෝටර් රථයකට, ත්‍රිරෝද රථයකට සහ යතුරුපැදියකට හානි සිදුකරමින් අසල තිබු විදුලි උපාංග වෙළෙඳසැලක් තුළට කඩා වැදී තිබෙනවා.