අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ – හිටපු ජනපති

අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ – හිටපු ජනපති

රට ගොඩගැනීම සඳහා ආණ්ඩුවට ප්‍රමාණවත් සැලසුමක් නො මැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

“රට වටේ ගිහින් එනවිට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ. සුසිල් ප්‍රේමජයන්ත මහතා ද පොලේ ගිහින් ස්වීප් එකක් ගත්විට පැය 24කින් ඇදුණා යැයි කී හිටපු ජනාධිපතිවරයා “අපිත් මේ සේරටම ලෑස්තියි” යැයි ද සඳහන් කළේය.

එවක තම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අය වත්මන් ආණ්ඩුවේ තත්වය පිළිබඳ සත්‍යය පෙන්වා දෙන විට තමන්ට දොස් පවරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (7) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.