අද විදුලිය කපන් නෑ

අද විදුලිය කපන් නෑ

අද (08) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබා දීමත් සමග විදුලි උත්පාදන කටයුතු සිදුකළ හැකි බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරනවා

විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් සිදුනොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීමත් සමග සපුගස්කන්ද මෙන්ම කුකුලේ ගඟ විදුලි බලාගාරවල විදුලි ජනන කටුයුතුවලට බාධා එල්ල වුණා.

මේ හේතුවෙන් ඊයේ (07) සහ පෙරේදා (06) දිනවලදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා වූ කාලය තුළ පැයක කාලයක් විටින් විට විදුලිය අත්හිටුවනු ලැබුවා.