සුපිරි ක්‍රීඩකයාගේ වීසා අවලංගු කිරීම සර්බියාවේ දැඩි කෝපයට

සුපිරි ක්‍රීඩකයාගේ වීසා අවලංගු කිරීම සර්බියාවේ දැඩි කෝපයට

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියාව ගත් තීරණය සම්බන්ධයෙන් සර්බියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශ සිදුකර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ ලොව අංක එකේ ක්‍රීඩකයා දේශපාලන ක්‍රීඩාවක ගොදුරක් වූ බවයි.

Novak Djokovic’s

අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය සඳහා සහභාගි වීමට මෙල්බර්න් නුවරට පැමිණීමත් සමඟ එරටට ඇතුළු වීමට අදාළ ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු බළධාරීන් කටයුතුකර තිබුණා.

ඒ එරටට ඇතුළු වීම සඳහා සපුරාලිය යුතු කොවිඩ් 19 එන්නත් අවශ්‍යතා සපුරාලීමට ජොකොවිච් සමත් නොවී සිටීම හේතුවෙන්.

ජොකොවික් ඔහුගේ වීසා අවලංගු කිරීම සම්බන්ධයෙන් උසාවි අභියෝගයක් බලාපොරොත්තුවෙන් සිටින අතර ඔහු මේ වනවිට උතුරු මෙල්බර්න් හි අභ්‍යන්තර හෝටලයක රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

අදාල හෝටලය සරණාගතයින් නවාතැන් ගැනීමට ද භාවිත කරන අතර, සර්බියාවේ විදේශ අමාත්‍යාංශය ජොකොවික්ට වඩා හොඳ නවාතැන් ලබා දෙන ලෙස ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් ජගත් ටෙනිස් පිටියේ දැඩි කතාබහක් මතුව ඇති අතර ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ ”නීති කියන්නේ නීති, නීතියට ඉහළින් කිසිවකුත් නැහැ, විශේෂයෙන් අපේ දේශසීමාවන්ට පැමිණීමේ දී ඒවා දැඩිව අදාළ වෙනවා.” යනුවෙන්.

https://bbc.in/3G8Cud2