සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි, මාත් මේ කල්පනා කරන්නේ ඒ ගැන

සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි, මාත් මේ කල්පනා කරන්නේ ඒ ගැන

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන තමන් කිසිවක් නොදන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ (06) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මාධ්‍යවේදියා – “ආණ්ඩුව විවේචනය කරන අයව ක්ෂණිකව ඉවත් කරනවා නේද? සමහරු චෝදනා කරනවා ඒත් ඔබතුමා ඉන්නවා කියලා.”

විමල් වීරවංශ – “ඒකට ඉතින් මම කොහොමද උත්තර දෙන්නේ. මාත් මේ කල්පනා කරන්නේ ඒ ගැන. “

“අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන මං කිසිදෙයක් දන්නේ නෑ.සියලු සංස්කාරයෝ නැසෙන සුළුය, ඇති නේ. අපි තේ එකක් බීලා එන්නම්.” යනුවෙන් පවසා සිටියා