මහනුවර දළදා මාලිගාව වදින්න එන බැතිමතුන්ට විශේෂ පහසුකම්

මහනුවර දළදා මාලිගාව වදින්න එන බැතිමතුන්ට විශේෂ පහසුකම්

මහනුවර දළදා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් ඉදිකර ඇති විශේෂිත පහසුකම් සැලසීමේ මධ්‍යස්ථාන හෙට විවෘත කිරීමට නියමිත යි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන 373.5ක වියදමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය මඟින් මහනුවර දළඳා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනවා.

එමෙන්ම උඩරට කලා නිර්මාණකරුවන් වෙනුවෙන් ඉදිකෙරෙන නිදහස් කලා නිර්මාණ අලෙවි කිරීමේ මධ්‍යස්ථානය ද හෙට විවෘත කිරීමට නියමිත ව තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 5ක්