ධර්මාචාර්ය විභාගයට පෙනී සිටින රැඳවියන්

ධර්මාචාර්ය විභාගයට පෙනී සිටින රැඳවියන්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ජනවාරි 09 හා 15 යන දිනවල ධර්මාචාර්ය විභාගයට පෙනි සිටිමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබු මෙම විභාගය කොවිඩ් 19 උවදුර නිසා කල් දැමීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සුචරිතෝදය දහම් පාසල එක් විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබෙනවා.

මෙවර එම විභාගය සදහා සිරකරුවන් 04 දෙනෙකු පෙනී සිටිමට නියමිතයි .

වැරදිකරුවන් වු මෙම පුද්ගලයන් සදාචාර සම්පන්න පුද්ගලයන් බවට පත් කිරිමේ අරමුණින් සෑම බන්ධනාගාරයකම දහම් පාසල් අධ්‍යාපනය ලබා දීමේ කටයුතු සිදු කරනු ලබන අතර බන්ධනාගාර නිලධාරින් හා පිටස්තර ගුරුවරුන් මෙන්ම ධර්මාචාර්ය විභාගය සමත් සිරකරුවෝද ගුරුවරුන් ලෙස ඊට තම දායකත්වය ලබා දෙනවා.