ධනුෂ්ක, මෙන්ඩිස්, දික්වැල්ල ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට

ධනුෂ්ක, මෙන්ඩිස්, දික්වැල්ල ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින්වන ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල අද (07) පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා කැඳවා ඇති බව වාර්තා වනවා.

මේ අතර ඔවුන්ගේ තරග තහනම සම්බන්ධයෙන් වන විශේෂ තීරණයක් අද දිනයේ ලබාදීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ශාරික යෝග්‍යතා පරීක්ෂණ අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වෙනවා.